ELTNS

Search

My halo server

Thursday, November 26, 2015

3D මොනිටරයක් නැතුව තියෙන මොනිටරෙන් 3D බලමුද?

කාලෙකට පස්සෙ ආව ඔන්න post එකක් ලියන්න කියලා. ගොඩක් අය ආසයිනෙ 3d movies බලන්න. ඒ උනාට වැඩේ කියන්නෙ 3d මොනිටර් වල ගණන් ඇහුවාම 3D එපාවෙනව :P.  ඔන්න ඕක නිසා මම හිතුවා අද තියෙන monitor  එකෙන්ම 3D බලන හැටි කියන්න.

මට මේ කතාව කිව්වෙ මගේ යාලුවෙක්. දවසක් පොර මට ඇවිත් කියනවා මචං අර කඩේ (කඩේ මොකද්ද කියල ඕනි නෑ) අයිය කිව්වා 3d monitor එකක් නැතුව 3d බලන්න ක්‍රමයක් තියෙනවා මමත් බැලුව බං ඇත්ත කමයි නියමෙටම පේනව කියලා. ඊටපස්සෙ මූ කියපි මචං මම ඒ software එක ගත්ත software එක 250 යි 3D කණ්නාඩියකුත් ගත්ත ඒක 350යි කියලා. 

මමත් ඉතිං උගෙන් ඉල්ලගෙන ආව මොකද්ද මේ software කෑල්ල කියල බලන්න. 29MB පොඩි player එකක්. ඒකට මුගෙන් 250ක් ගලෝල. ඔන්න බලන්නකො වැඩ. හැබැයි 3D කණ්නාඩිය දැම්මාම නියමෙටම 3D බලන්න පුලුවන්.



හරි ඉතිං මෙන්න මෙච්චරයි කොරන්න තියෙන්නෙ 3D බලන්න.

1. 3D කණ්නාඩියක් ඕනි. (නිල්,රතු පාට)

2. පහලින් තියෙන player එක ඕනි.


Player එක download කරගෙන install කලාට පස්සෙ මොකක් හරි video එකක් play කරන ගමන් alt+d ඔබලMode එක 2D go 3D වලට වෙනස් කරන්න.


දැං ඉතිං ඇතිවෙනකම් 3D බලන්න තමා තියෙන්නෙ. මේකෙ එකම අවුලකට තියෙන්නෙ CRT monitor වලදි හරියට 3D පේන්නෙ නැති එක. LED / LCD වලනම් නියමෙටම වැඩ.

එහෙනම් ඉතින් යන ගමන් අපේ fan page එකටත් like එකක් ඔබාගෙනම යන්න ඈ............

උඩ download link එක වැඩ නෑ කියල සමහරු කිව්වා ඒක නිසා ඒ link එක වැඩ නැත්තම් මෙතනින් download කරගන්න.

No comments:

Post a Comment